ජවිපේ මාධ්‍ය ප්‍රධානියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය පුටුවට
මීට ඉහතදී ජවිපේ මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස වසර ගණනාවක් සේවය කළ ප්‍රසන්න අධිකාරි මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. කෙසේනමුත් ඇතැම් සමාජජාල වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ප්‍රසන්න අධිකාරි මේ වන විට අගමැතිවරයාගේ ඔත්තුකරුවකු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ධුරය හිස්ව පැවැති බැවින් ඒ සදහා සුදුස්සකු පත් කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබුණි. කෙසේනමුත් රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය කටයුතු කළ නිපුන ඒකනායකට සිදු වූයේ කුමක්දැයි මාධ්‍යවේදීහු විමසිල්ලෙන් සිටිති.