Saturday, June 24, 2017

රජයේ ජනමාධ්‍ය ආයතනවල පුටු පෙරළිය ලබන සතියේ

රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා අලුතින් ප්‍ර‍ධානීන් පත් කිරීම ලබන සතියේ සිදු කෙරෙන බව වාර්තා වේ. නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වූ වහාම රජයේ මාධ්‍ය ආයතනවල දැනට සිටින ප්‍ර‍ධානීන්ට වහාම සිය තනතුරුවලින් ඉවත් වන ලෙසට දැනුම් දුන්නද රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂජනරාල්වරයා මෙතෙක් සිය තනතුරුවලින් ඉවත්ව නැත. එමෙන්ම වර්තමාන ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ. රජයේ ආරංචිමාර්ගවල දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ රූපවාහිනි සංස්ථාවට එක් සභාපතිවරයකු පත් කිරීමට නියමිත බවයි. හේමසිරි ප්‍ර‍නාන්දු මහතා එහි සභාපති ධුරයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මූලාශ්‍රය - ඇත්ත