Saturday, June 24, 2017

රවීට ලොතරැයි මණ්ඩලය ලබාදීම ගැන ජනපතිගේ සතුටක් නැහැ - එස්. බී.

රවී කරුණානායක අමාත්‍යවරයාට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබාදීම  ගැන ජනාධිපතිතුමාගේ සතුටක් නැතැයි තමන් හිතන බව එස්. බී. දිසානායක අමාත්‍යවරයා පවසයි. ඔහු මේබව කියා සිටියේ මහනුවර අද පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදියකු ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ තීන්දුව ගන්න ඇත්තෙ අගමැතිතුමානේ, මම හිතන්නෙ නැ ඒ තීන්දුවට ජනාධිපතිතුමාගෙ සතුටක් තියෙනව කියල,පෞද්ගලිකව අපිත් හිතන්නෙ ඒ තීන්දුව සුදුසු නැ කියල... යැයිද එස්. බී. දිසානායක මහතා පැවසීය.