Friday, August 23, 2019

fff

ffff

Saturday, June 24, 2017

වරාය ශුද්ධ කරන්නයි හොරු අල්ලන්නයි ගිහින් ඇමැතිකම නැති වුණා - අර්ජුන කෙළින් කථාවට

ඔබ වරායේ භාරකරු වගේ හිටියේ. ඇයි මේ එකපාර වරායෙන් එළියට දැම්මේ? ඒක ඔබ අහන්න ඕන ආණ්ඩුවෙන්. හැබැයි මම මගේ වැඩ ටික හොඳින් කළා. මම බාරගත්තේ 2015 දී. 2016 විශාල ලාබයක් ලැබුවා. රුපියල් බිලියන 11ක් වගේ. හොඳම දේ තමයි අපි හොරකම නතර කළා. තරාතිරම බලන්නේ නැතුව හොරකම් කරපු මිනිස්සු අපි අයින් කළා. දඬුවම් දුන්නා. විනයකුත් හැදුවා. ඒ වගේ කිසිම කප්පාදුවකින් තොරව බෝනස් පවා දුන්නා. මම හිතන හැටියට වරායේ තිබ්බ ප්‍රශ්න බොහොමයක් විසඳන්න අපිට හැකිවුණා. සමහර විට මාව එතනින් මෙතෙන්ට එවන්න ඇත්තේ එතන එච්චර වැඩ කොටසක් කරන්න නැති නිසා වෙන්න ඇති. දැන් පෙට්‍රෝලියම් එක ගත්තාම ඩොලර් බිලියන 2.5ක විතර සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න තියෙනවා. ඒක කරන්න නිසා වෙන්න ඇති ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මාව මෙතෙන්ට එවන්න ඇත්තේ.

රවි ඇමැතිතුමා කිව්වා දූෂණය නතර කළ එතුමයි, වරාය බේරගත්ත අර්ජුනවයි, තෙල් ටැංකි බේරගන්න ගිය චන්දිමවයි මාරු කළා කියලා. ඒ කතාවෙන් කියවෙන්නේ වැඩකරපු අය එලෙව්වා වගේ දෙයක් නොවේද?එහෙම හුඟ දෙනෙක් කියනවා. මටත් කියනවා ඇහිලා තියෙනවා. වරාය සුද්ද කරන්න ගිහිල්ලයි, හොරු අල්ලන්න ගිහිල්ලයි එහෙම වුණේ කියලා. හැබැයි මට ඒ ගැන කනගාටුවක් නෑ. මේ රට ජනතාව මට ඡන්දය දෙන්නේ හරි දේවල් කරන්න. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අමාත්‍යංශ දෙන්නේ හරි දේ කරන්න. මම හරි දේ කළා. ලාබ ලැබුවා. මට දැන් ලැබිලා තියෙන අමාත්‍යංශය විශාල අභියෝගයක්. වැඩි වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ අභියෝගය වෙන්න ඇති මට බාරදෙන්නේ ඇත්තේ. හැබැයි මම මේකත් හදලා දෙනවා.

ජවිපේ මාධ්‍ය ප්‍ර‍ධානියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය පුටුවට

මීට ඉහතදී ජවිපේ මාධ්‍ය අංශයේ ප්‍ර‍ධානියා ලෙස වසර ගණනාවක් සේවය කළ ප්‍ර‍සන්න අධිකාරි මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. කෙසේනමුත් ඇතැම් සමාජජාල වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ප්‍ර‍සන්න අධිකාරි මේ වන විට අගමැතිවරයාගේ ඔත්තුකරුවකු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ධුරය හිස්ව පැවැති බැවින් ඒ සදහා සුදුස්සකු පත් කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබුණි. කෙසේනමුත් රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය කටයුතු කළ නිපුන ඒකනායකට සිදු වූයේ කුමක්දැයි මාධ්‍යවේදීහු විමසිල්ලෙන් සිටිති.

ඛනිජ තෙල් ලේකම් උපාලි මාරසිංහ වැඩ පටන් ගනී...

ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස උපාලි මාරසිංහ මහතා සුබ මොහොතින් වැඩ භාර ගනී. ඒ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති උත්සවයකදීය. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහුද සම්භාවනීය අමුත්තෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වූ උපාලි මාරසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රාස්තිපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙa පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ලබා ගන්නා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥරයකුද වේ. අධ්‍යපන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර සහ විවිධ උසස් තනතුරු දැරූ උපාලි මාරසිංහ මහතා රසායනික විද්‍යාව සහ ඵලදායිතාව පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් රචනා කර තිබේ. 2011 වසරේදී ඵලදායිතාව පිළිබඳ ආසියානු සංවිධානයේ ඵලදායිතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඒ මහතා සමත් විය. අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩභාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දිවා රෑ නොබලා වෙහසී වී තම වගකීම් ඉටු කරන පරිපාලන විෂය ගැන පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු තම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වීම ගැන සතුටට පත් වන බවයි. හොරකම සහ දූෂණය පිටුදැක සිය අමාත්‍යාංශය මේ රටේ ප්‍ර‍මුඛ අමාත්‍යාංශයක් බවට පත් කිරීමේ තම දැක්ම ඉටු කිරීමට උපාලි මාරසිංහ මහතාගෙන් අනගි සහායක් අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඛනිජ තෙල් අමාත්‍යාංශය කියන්නේ මේ රටේ වැදගත්ම අමාත්‍යාංශයක්. ඉදිරියේදී ඉන්ධන සම්පත අපට සොයා ගැනීමට හැකි වුණොත් එය අපේ අමාත්‍යාංශය රටට දෙන වැදගත්ම දෙය වනවා. එයින්ම අපිට අපේ ආර්ථිකය වෙනත් දිශාවකට යොමු කරන්න පුළුවන් වේවි. එමෙන්ම අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දියුණුකර ලාභ ලබන තත්ත්වයකට පත් කර රටේ සම්පත් ආරක්ෂා කරන තැනකට අපි යොමු විය යුතුයි. ඒ සඳහා අද ලේකම් ධුරයේ වැඩ භාරගත් උපාලි මාරසිංහ මහතා ප්‍ර‍මුඛ අවධානය යොමු කරනු ඇතැයිද මම විශ්වාස කරනවා...” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
- ඛනිජ  තෙල් සම්පත් අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය

රවීට ලොතරැයි මණ්ඩලය ලබාදීම ගැන ජනපතිගේ සතුටක් නැහැ - එස්. බී.

රවී කරුණානායක අමාත්‍යවරයාට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබාදීම  ගැන ජනාධිපතිතුමාගේ සතුටක් නැතැයි තමන් හිතන බව එස්. බී. දිසානායක අමාත්‍යවරයා පවසයි. ඔහු මේබව කියා සිටියේ මහනුවර අද පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදියකු ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ තීන්දුව ගන්න ඇත්තෙ අගමැතිතුමානේ, මම හිතන්නෙ නැ ඒ තීන්දුවට ජනාධිපතිතුමාගෙ සතුටක් තියෙනව කියල,පෞද්ගලිකව අපිත් හිතන්නෙ ඒ තීන්දුව සුදුසු නැ කියල... යැයිද එස්. බී. දිසානායක මහතා පැවසීය.

රජයේ ජනමාධ්‍ය ආයතනවල පුටු පෙරළිය ලබන සතියේ

රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා අලුතින් ප්‍ර‍ධානීන් පත් කිරීම ලබන සතියේ සිදු කෙරෙන බව වාර්තා වේ. නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වූ වහාම රජයේ මාධ්‍ය ආයතනවල දැනට සිටින ප්‍ර‍ධානීන්ට වහාම සිය තනතුරුවලින් ඉවත් වන ලෙසට දැනුම් දුන්නද රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂජනරාල්වරයා මෙතෙක් සිය තනතුරුවලින් ඉවත්ව නැත. එමෙන්ම වර්තමාන ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ. රජයේ ආරංචිමාර්ගවල දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ රූපවාහිනි සංස්ථාවට එක් සභාපතිවරයකු පත් කිරීමට නියමිත බවයි. හේමසිරි ප්‍ර‍නාන්දු මහතා එහි සභාපති ධුරයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මූලාශ්‍රය - ඇත්ත

ඔබට හදා ගන්න ඹ්න දුවෙක්ද පුතෙක්ද - මෙන්න විස්තරය

සමහර අය දූවරුන්ට කැමතියි. සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි. ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්, තරහකුත් ඇතිවෙනව. අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?. ඉතින් ඒ ක්‍රම තමයි මේ කියාදෙන්න හදන්නෙ. මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්‍රම තමයි. එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝ.
දරුවන් පිහිටන ක්‍රම – මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයි. ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6,8,10, යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්ද, 5,7,9,11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇත. ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්‍රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මඟ බව සඳහන් වෙනවා. ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්‍රති විරුද්ධ පැත්ත කළ යුතුයි. ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයි.
ලස්සන දරුවන් ලැබීමට – රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්න. මෙය කළ යුත්තේ මාස් ශුද්ධිය ඇති දින කීපය තුළය. එවිට රූමත් පුතුන් ලබනබව ඉසිවරු පවසති. එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරා කිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දින කීපය තුළ පානය කිරීමත්හොඳයි